fbpx
CALL AGENT & BOOK AN APPOINTMENT: +94 71 6 77 88 33 :: :: :: Opening Hours 8.30 am to 5.00 pm

Pranama Investment Plan Terms & Conditions

මන්දිර ප්‍රණාම ආයෝජන සැලැස්ම (3වන අදියර)

කොන්දේසි

1.මන්දිර කන්ස්ට්‍රක්ෂන් පුද් සමාගම මගින් ක්‍රියාත්මක කරන හෝ යෝජිත නිවාස ව්‍යාපෘති සඳහා ආයෝජකයින්ගේ මූල්‍ය දායකත්වය ලබා ගනී.

2.ව්‍යාපෘති සඳහා ආයෝජනය කරන මුදලට සාපේක්ෂව ලාභාංශය ලබා දෙයි.

3.සාමාන්‍යයෙන් මාස හයක,මාස අටක හෝ මාස 12ක ව්‍යාපෘතියක් සඳහා මුදල් ආයෝජනය කල හැකිය.

4.ප්‍රථම මාස 3 අවසන් වූ පසුව තම ලාභාංශ ලබා ගැනීමට ආයෝජකයින්ට අවස්ථාව තිබේ.

5.මන්දිර ආයතනය “මන්දිර ප්‍රණාම ආයෝජන සැලැස්ම (3වන අදියර)”සඳහා ලබා දෙන ලාභාංශය නියතයකි.

6.ආදාල ව්‍යාපෘති කාලය අවසන් වූ පසුව ආයෝජනය කල සම්පූර්ණ මුදල ලබා ගත හැකිය.

7.ලාභාංශ ලබා ගැනීම ප්‍රථම මාස තුන අවසන් වූ පසුව මාසිකව හෝ එකඟ වූ ව්‍යාපෘති කාලය අවසන් වීමත් සමග ආයෝජනය කල සම්පූර්ණ මුදල සමගින් ලබා ගත හැකිය.

8.ආයෝජකයාට හදිසි අවශ්‍යතාවයක් මත ආයෝජනය කල මුදල ලබා ගැනීමට අවශ්‍ය වුවහොත්,එය අවශ්‍ය දිනට මාසයකට පෙර ලිඛිතව දැන්විය යුතුය.

9.ආයෝජනය කල කාලය අවසන් වීමට පෙර ආයෝජනය කල මුදල ලබා ගැනීමේදී  ලාභාංශ ලාබා දීමක් සිදු නොවේ. ඒ වන විටත් යම්කිසි ලාභාංශයක් ලබාගෙන ඇත්නම් එය ආයෝජනය කල මුදලින් අඩු කර ශේෂය ලබා දේ.

10.ආයෝජකයින් විසින් ආයෝජනය කරන මුදල් කුමන මන්දිර ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කරනවාද යන්න තීරණය කරන්නේ මන්දිර ආයතනය විසිනි.

11.ලාභාංශ ලබා ගැනීම සඳහා ආයෝජකයින් විසින් ආයෝජකයාගේ නමින් යුක්ත බැංකු ගිණුමක් ගිවිසුමේ සඳහන් කල යුතුය.

12.යම් හෙයකින් කොරෝනා(Covid-19) හෝ වෙනත් හේතුවක් නිසා ශ්‍රී ලංකාව තුල ලොක්ඩවුන් හෝ ඇඳිරි නීතිය තත්ත්වයක් පැනවුවහොත් එම කාල සීමාව ව්‍යාපෘතිය සඳහා ගණනය කරනු නොලබයි.

 

13.ගිවිසුමෙහි සඳහන් කල ව්‍යාපෘති අවසන් දිනයේදී ආයෝජනය කල මුදල සහ ලාභාංශ සියල්ල ආයෝජකයාගේ බැංකු ගිණුමට බැර කිරීමෙන් අනතුරුව ආයෝජකයාගේ සහ මන්දිර අතර ඇතිකර ගත් ගිවිසුම අවලංගු කරයි.

14.නැවත ව්‍යාපෘතියකට ආයෝජනය කිරීමට අවශ්‍ය නම් නව ව්‍යාපෘතියකට ගිවිසුම් අත්සන් කල යුතුය.

15.ආයෝජනය කරන මුදලට සාපේක්ෂව ලබා දෙන ලාභාංශ පහතින් දැක්වෙන සටහනට අනුකූල වේ.

 

ලාභාංශ සටහන

*ආයෝජනය කරන මුදල Rs.ලක්ෂ 10යි. 

මාස හයක් සඳහා ලාභාංශය Rs.150,000/= (රුපියල් එක් ලක්ෂ පනස් දහසයි.)

 

*ආයෝජනය කරන මුදල Rs.ලක්ෂ 20යි. 

මාස හයක් සඳහා ලාභාංශය Rs.300,000/= (රුපියල් ලක්ෂ තුනයි )

 

*ආයෝජනය කරන මුදල Rs.ලක්ෂ 30යි. 

මාස හයක් සඳහා ලාභාංශය Rs.450,000/= (රුපියල් හාර ලක්ෂ පනස් දහසයි.)

 

*ආයෝජනය කරන මුදල Rs.ලක්ෂ 50යි. 

මාස හයක් සඳහා ලාභාංශය Rs.750,000/= (රුපියල් හත් ලක්ෂ පනස් දහසයි.)

 

*ආයෝජනය කරන මුදල Rs.ලක්ෂ 100යි. 

මාස හයක් සඳහා ලාභාංශය Rs.15,00,000/= (රුපියල්  ලක්ෂ පහලවයි.)

**(මෙම ලාභාංශ ලබාදීම වලංගු වන්නේ “මන්දිර ප්‍රණාම ආයෝජන” 3වන අදියර සඳහා පමණි. වෙනත් අදියර වලදී එම අදියරේදී යෝජිත ලාභාංශ ලබා දීම සිදු වේ.)